ගල්කිස්ස කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්ගේ හමුව

ප්‍රජා පොලිස් සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩ සටහනක් ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ දී ඊයේ (23) දින පස්වරුවේ ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාලීය තාක්ෂණික ඒකකයේ ටී.ඒ.ජි ගුණසේකර ශාලාවේදී පැවැත්වුණි.

මෙහිදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලගතබාගෙන සිටියදී අත්අඩංගුවට ගැනීමේ යහපත් සේවය වෙනුවෙන් පොලිස් පරීක්ෂක ඒ.එම්.ආර්.එන්. අලහකෝන් නිලධාරියාට රු. 25000 ක් සහ උප පොලිස් පරීක්ෂක එම්. කලුබෝවිල නිලධාරියාට රු.15000 ක් වූ මුදල් ත්‍යාග පිරිනමන ලදි.

මෙම අවස්ථාවට ගරු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මැතිතුමා සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.