“යුක්තිය” මෙහෙයුමේ දෛනික වැටලීම් වාර්තාව
2023.12.21

ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරදි 2023.12.17 වන දින සිට ආරම්භ කෙරුනු “යුක්තිය” විශේෂ මෙහෙයුම, තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම විවිධ වූ සමාජ විෂමාචාර ක්‍රියා මර්දනය සඳහා සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකව පවතී.

ඒ අනුව 2023.12.21 වන දිනය තුල සිදු කරන ලද මුළු වැටලීම් 1864 කට අදාලව සැකකරුවන් 1810 ක් සහ සැකකාරියන් 55 ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 145 ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතව ඇති අතර, සැකකරුවන් 40 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය. තවද සැකකරුවන් 134 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 384 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 408ක්, ගංජා ග්‍රෑම් 1036 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 799 කදී සැකකරුවන් 793 ක් හා සැකකාරියන් 19 ක් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 54 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් හා ගංජා ග්‍රෑම් 1004 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 192 කදී සැකකරුවන් 184 ක් හා සැකකාරියන් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත.