“යුක්තිය” මෙහෙයුමේ දෛනික වැටලීම් වාර්තාව
2023.12.19

තහනම් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරම්කරුවන් මෙන්ම විවිධ වූ සමාජ විෂමාචාර ක්‍රියා සිදුකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා 2023.12.17 වන දින සිට ආරම්භ කෙරුණු “යුක්තිය” විශේෂ මෙහෙයුම් මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකව පවතී.

එයට සමගාමීව 2023.12.19 වන දිනය තුල සිදු කරන ලද මුළු වැටලීම් 2324 කට අදාලව සැකකරුවන් 2211 ක් සහ සැකකාරියන් 85 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සැකකරුවන් 109 ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතව ඇති අතර, සැකකරුවන් 14 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය. තවද සැකකරුවන් 184 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 674 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 430 ක්, ගංජා ග්‍රෑම් 860 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 942 කදී සැකකරුවන් 910 ක් හා සැකකාරියන් 43 ක් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 101 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 34 ක්, ගංජා පැළ 3962 ක් හා ගංජා ග්‍රෑම් 978 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 215 කදී සැකකරුවන් 210 ක් හා සැකකාරියන් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත.