“යුක්තිය” මෙහෙයුමේ දෛනික වැටලීම් වාර්තාව
2023.12.18

ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ හා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි 2023.12.17 වන දින සිට ආරම්භ කෙරුණු “යුක්තිය” විශේෂ මෙහෙයුම, තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම විවිධ වූ සමාජ විෂමාචාර ක්‍රියා මර්ධනය සඳහා සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකව පවතී.

එ් අනුව 2023.12.18 වන දිනය තුල සිදු කරන ලද මුළු වැටලීම් 2210 කට අදාලව සැකකරුවන් 2078 ක් සහ සැකකාරියන් 88 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සැකකරුවන් 66 ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතව ඇති අතර, සැකකරුවන් 14 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය. තවද සැකකරුවන් 226 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 712 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 329 ක්, ගංජා ග්‍රෑම් 490 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 865 කදී සැකකරුවන් 786 ක් හා සැකකාරියන් 44 ක් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 103 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 ක්, ගංජා පැළ 1448 ක් හා ගංජා ග්‍රෑම් 2561 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදු කල මුළු වැටලීම් 246 කදී සැකකරුවන් 239 ක් හා සැකකාරියන් 05 ක් අත්අඩංගුවට ගෙන ඇත.