අතිගරු ජනාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් පොලිස් කැරොල් ගී ප්‍රසංගය මෙවරත්.

ක්‍රිස්තුත් ජේසුස් වහන්සේගේ උපත සැමරෙන අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය වාර්ෂිකව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ ප්‍රධාන අංගයක් වන නත්තල් කැරොල් ගී ප්‍රසංගය උත්කර්ෂවත් අන්දමින් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගනයේදී 2023.12.21 වන ඊයේ දින සවස පැවැත්වුණි.

ප්‍රසංගය රසවින්දනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානව ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු පොලිස්පතිවරුන් වන සී.ඩී වික්‍රමරත්න හා පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් රැසක් සහභාගී විය.

ප්‍රවීන ගායන ශිල්පීන්ගේ ගායනයෙන් හා පොලිස් බටහිර තූර්යවාදන ශිල්පීන්ගේ ගායනයෙන් හා වාදනයෙන් රසවත් වූ ප්‍රසංගය පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනාංගයන්ගෙන් අතිශය වර්ණවත් වූ අතර පොලිස් කොට්ඨාස රැසක් දැක්වූ නොමඳ දායකත්වය යටතේ සාර්ථකව පවත්වා නිමා කළ හැකිවිය.