ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ වැඩසටහනක් කොළඹ උතුර මෝදර දී

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ මෝදර පොලිස් වසම තුල ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු බල ගැන්වීමේ වැඩසටහනක් මෝදර, මුතුවැල්ල ක්‍රීඩාංගනයේදී 2023.12.20 වන දින සවස පැවැත්වුනි.

ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ගරු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනේදී මත්ද්‍රව්‍ය බෙදාහරිනන් හා සංවිධානාත්මකව අපරාධ සිදුකරන්නන් මෙන්ම විවිධ විෂමාචාර ක්‍රියා සිදුකරන්නන් පිළිබඳව මහජනතාව අතරින් තොරතුරු ලබාගැනීම සඳහා ප්‍රජා පොලිස් කමිටු සක්‍රියව පැවැතීමේ වැදගත්කම අවධාරණය කෙරුණු අතර කමිටු සාමාජිකයන්ට ගැටළු හා අදහස් සෘජුව වැඩබලන පොලිස්පතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ඉදිරිපත්කිරීමේ අවස්ථාව හිමිවුනි.