රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වැඩබලන පොලිස්පතිතුමන් සුහඳ පිළිසඳරක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නිලධාරීන් අද දින (20) උදෑසන පොලිස් මූලස්ථානයේ පිහිටන පොලිස්පති කාර්යාලයේදී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හමුවී සුහඳ සාකච්ඡාවක නිරතවුනි.

වෛද්‍යවරුන් එහිදී, රටේ නීතිය හා සාමය ආරක්ෂාකිරීම සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය හා අපරාධ මර්ධනය උදෙසා ශ්‍රී ලංකා පොලිසිය ගෙනයන වැඩපිළිවෙල අගයමින් වැඩ බලන පොලිස්පතිතුමන් වෙත සුභාසිංශන එක්කරන ලද අතර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මගින් වෛද්‍ය සේවා ලබා දෙන, වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය වැටලීම් ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සම්බන්ධව සාකාච්ඡා පවත්වන ලදී.