නීතී විරෝධී ලෙස උපයාගත් වත්කම් වැඩබලන පොලිස්පතිතුමාගේ නිරීක්ෂණයට

ජාවාරාම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය අලෙවිය, සංවිධානාත්මක අපරාධ ඇතුළු විවිධාකාරයේ වංචා දූෂණ සිදුකර උපයාගත් මුදල් වලින් මිලදී ගත් වාහන රැසක් නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් “යුක්තිය” මෙහෙයුම ක්‍රියාත්මක වන කාලය තුලදී අත්අඩංගුවට ගෙන ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2023.12.19 වන අද දින උදෑසන එම කොට්ඨාසය පිහිටි පොල්හේන්ගොඩ බූටානි ගොඩනැගිල්ල පරිශ්‍රයේදී එසේ අත්අඩංගුවට ගනු ලැබූ වාහන නිරීක්ෂණය කළ අතර ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා නීති විරෝධීව උපයාගන්නා වත්කම් සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත පොලිසියේ කාර්යය භාරය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට කටයුතු සංවිධානය කරන බව ප්‍රකාශ කරන ලදී.