“යුක්තිය” මෙහෙයුමේ දෛනික වැටලීම් වාර්තාව – 2023.12.17

තහනම් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම සඳහා 2023.12.17 වන දින සිට ආරම්භ කර ඇති “යුක්තිය” විශේෂ වැටලීම් මාලාව මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකව පවතී.

ඒ අනුව 2023.12.17 වන දිනයේදී සිදුකරන ලද මුළු වැටලීම් 2159 කට අදාලව සැකකරුවන් 2020 ක් සහ සැකකාරියන් 101 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 12 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

සැකකරුවන් 05 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් සැකකරුවන් 133 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වලින් වැටලීම් 907 කදී සැකකරුවන් 859 ක් හා සැකකාරියන් 47 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 415 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක්, ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 778 ක්, හෑෂ් කිලෝ ග්‍රෑම් 35 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වලින්, වැටලීම් 210 කදී සැකකරුවන් 197 ක් හා සැකකාරියන් 08 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් ග්‍රෑම් 135 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක්, ගංජා පැළ 38 ක් හා ගංජා ග්‍රෑම් 846 ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.