“යුක්තිය” පළමු දිනය අවසන්, වත්තලින් ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35 ක්.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ නිවසක් තුල සඟවා තිබූ ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්රෑම් 647 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් සමඟ එම නිවසේ තාවකාලිකව පදිංචිව සිටි අවුරුදු 34,30 වයස්හි පසුවන සැකකරුවෙකු හා සැකකාරියක් වත්තල පොලිස් නිලධාරීන් විසින් 2023.12.17 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

“යුක්තිය” මෙහෙයුමට සමගාමීව සිදුකරන විශේෂ වැටලීම් මාලාව අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකාර යුවල කොළඹ 13, ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.