විෂ මත්ද්‍රව්‍ය වැටලීම් තොරතුරු ලබාගැනීම සඳහා ප්‍රජා පොලිස් කමිටු බලගැන්වේ.

දකුණු පළාත ආශ්‍රිතව ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීම මගින් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාගැනීමේ අරමුණින් ගාල්ල, මාතර, තංගල්ල හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස වල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් කිහිපයක් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.16 දිනයේදී පැවැත්වුණි.

මත්ද්‍රව්‍ය නිවාරනය, අපරාධ හා දූෂණයන් අවම සමාජයක් බිහිකරීමට සියළු ප්‍රජාවගෙන් ලැබෙන සහයෝගය තවදුරටත් සක්‍රීයව ලබා ගැනීම සඳහා දැනුවත් කිරීම්, සංවිධාන කිරීම් මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණයි.