අධිතාක්ෂනික මෙවලම් සහිත ජංගම විද්‍යාගාරයක් පොලිස් සේවයට.

අපරාධකරුවන් නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙරට තුල සූක්ෂමව අපරාධ හා වංචා දූෂණ සිදුකිරීමට පෙලඹීමේ වර්ධනයක් මෑත කාලයේ වාර්ථා විය.

එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ වෝහාරික අංශයේ කාර්යයභාරය වඩාත් පුළුල්ව සිදුකිරීමේ අවශ්‍යතාවය පැන නැගුනු අතර ඒ සඳහා පිළියමක් ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු මහතාගේ සංකල්පයක් මත ජංගම ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයක් අපරාධයක් වූ ස්ථානයට පිටත් කර එම ස්ථානයේදීම පරීක්ෂණ පැවැත්වීම ඇරඹීමට අවශ්‍ය පහසුකම් ඇති කිරීම ආරම්භ විය.

ඒ අනුව සුබෝපභොගී වෑන් රථයක් තුල අධිතාක්ෂණික මෙවලම් සහිතව සැකසූ ජංගම ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයක් 2023.12.15 වන අද දින සිට ඩිජිටල් වෝහාරික දත්ත විශ්ලේෂණ සඳහා ප්‍රවීනතාවය ලබා ඇති නිළධාරීන් පිරිසක්ද සමගින් සේවයේ යෙදවීම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරුණි.