නව දත්ත පද්ධතියක් සමඟ විශේෂිත වූ මෙහෙයුමක් ඇරඹීමට පෙර උපදෙස්

දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂිත වූ මෙහෙයුමක් පිළිබඳව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දැනුවත් කිරීමේ වැඩමුඵවක් 2023.12.14 වන දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් අපරාධ වාර්ථා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.

එහිදී ගරු අමාත්‍යතුමන් අතින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට නිරීක්ෂණය කළ හැකි පරිදි සැකසූ, මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ තොරතුරු ඇතුලත් කළ හැකි දත්ත පද්ධතියක් භාවිතය සඳහා ස්ථාපිත කරන ලදී.