පරිගණක අපරාධ කොට්ඨාසයේ උප ඒකකයක් වාරියපොල.

නවීන තාක්ෂණය හා සමාජ මාධ්‍ය උපයෝගී කර සිදුකෙරෙන අපරාධ හා දූෂණ වංචාවන්හි ඉහල යෑමක් පරිගණක අපරාධ කොට්ඨාසයට දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහල යාමෙන් පෙන්නුම් කරයි.

මේ පිළිබඳ අවධානය යොමුකළ වැඩබලන පොලිස්පතිතුමන් පරිගණක අපරාධ සම්බන්ධව පැමිණිලි ලබාගැනීම හා විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කඩිනම් කිරීම සඳහා පරිගනක අපරාධ කොට්ඨාසයේ උප ඒකක දිවයින පුරා ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ස්ථාපිත කළ පරිගණක අපරාධ කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය විවෘත කිරීම 2023.12.14 වන දින පෙරවරු 08.30 ට වාරියපොල පොලිස් ස්ථානයේදී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුනි.