ආගමට නින්දා කෙරෙන සමාජ මාධ්‍ය ප්‍රකාශන පිළිබඳ පැමිණිලි කිරීම සඳහා නව විමර්ශන ඒකකයක්.

මහජන කැලඹීමක් ඇතිවන අයුරින් විවිධ පුද්ගලයන් විසින් ආගම් අපහාස උපහාසයට ලක්කර සිදුකල ප්‍රකාශ සහ සැකසූ වීඩියෝපට සමාජ මාධ්‍ය තුල වරින් වර දක්නට ලැබේ.

මෑත කාලීනව සිදුවූ එවැනි උඩුගතකිරීම් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, යම් යම් පුද්ගලයන් විසින් චේතනාන්විතව ආගම් නින්දාවට ලක්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරන ප්‍රකාශන පිළිබඳ විමර්ශනයට 2023.12.12 වන දින සිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට උපදෙස් ලබා දුනි.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන යම් ආගමකට අපහාස සිදුකෙරෙන ඡායාරූප, හඩපට හා වීඩියෝපට සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පහත දුරකථන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය ඔබ වෙත විවෘත කර ඇත.

දුරකථන අංකය – 011 2300637
ෆැක්ස් අංකය – 011 2381045
විද්‍යුත් තැපැල් ලිපිනය – ccid.religious@police.gov.lk