“සුරක්ෂිත හෙට දවසක්” සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේදී සාකච්ඡා

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් සහ ලිංගික අපචාර වලින් බේරා ගැනීම සඳහා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත “සුරක්ෂිත හෙට දවසක්” මැයින් වැඩපිළිවෙලක් ඇරඹීමට නියමිතව ඇත.

ඒ සඳහා මූලික සකච්ඡා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.13 වන අද දින අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදුකෙරුනු අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍යා නානායක්කාර මහතා, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සේපාලිකා නයනි සුදසිංහ මහත්මිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් පසිදු ගුණරත්න මහතා ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ආචාර්යවරු, වෛද්‍යවරු ඇතුලු මහත්ම මහත්මීන් පිරිසකගේ නියෝජනය ඊට හිමි විය.