නවීකරණය කල භට නිවාසය භාවිතයට විවෘතයි.

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ‍නේවාසිකව සිටි ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තනිකඩ භට නිවස්නය හා භෝජනාගාරය නවීකරණය කිරීමෙන් අනතුරුව නිලධාරීන්ගේ භාවිතය සඳහා විවෘත කිරීමේ උත්සවය, 2023.12.13 වන අද දින පස්වරු 03.00 ට ගරු මහජන අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වැඩ බලන පොලිස්පතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්වල අනුග්‍රහයෙන් සිදුකෙරුණු මෙම භට නිවාස නවීකරණ ව්‍යාපෘතිය, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ පොලිස් නිළධරයන්ගේ සුභසාධනය උදෙසා ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.