පොලිස්පති මහජන සහන දිනය නැවත අරඹයි

පොලිස්පති මහජන සහන දිනය 2023.12.15 වන දින සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.

දිවයිනේ පොලිස් ස්ථානයන්ගෙන් හා විවිධ විමර්ශන අංශයන් මගින් ඔබගේ පැමිණිල්ලට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිවුවහොත් හෝ ඔබට එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපේක්ෂිත සහනය ලබාගැනීමට අපොහොසත් වුවහොත්, ඒ පිළිබඳව සෘජුවම පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත දැනුම්දෙමින් පැමිණිල්ලට අවශ්‍ය යුක්ති සහගත ප්‍රතිඵලය කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගැනීමේ හැකියාව මෙම දිනයට සහභාගී වෙමින් ඔබට උදාකරගත හැකිවනු ඇත.

පසුගිය කාල පරිච්ඡේදය තුල ඇති වූ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පොලිස්පති මහජන සහන දිනය අවලංගු කිරීම සිදුවුනු නමුත් පොලිසිය මගින් සිදුකෙරෙන මහජන සේවය වඩාත් ගුණාත්මකව සිදුකරීම සඳහා මෙම අවස්ථාව මහජනතාව වෙත ලබාදිය යුතු වැදගත් අවස්ථාවක් බව අවධාරණය කරමින් වැඩබලන පොලිස්පතිතුමන් මෙම තීරණයට එළඹ තිබේ.