නීතිය හා සාමය රකින ඉදිරි වැඩපිළිවෙල සඳහා ආගමික ආශිර්වාද..

ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ දින (2023.12.09) රුහුණු මහා කතරගම දේවාලය හා කිරිවෙහෙර රජමහා විහාරය පරිශ්‍රයේ ආගමික වතාවත්හි නිරතව දිවයිනේ ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ආශිර්වාද ලබාගත් අතර,

අනතුරුව මාතර බෝධිය වැඳපුදා, දෙවුන්දර විහාරස්ථානයේ විහාරස්ථානාධිපති වන වයස අවුරුදු 102 ක් ආයුවළඳන ශ්‍රී සුනන්ද නාහිමි බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබාගන්නා ලදී.

සවස් කාලයේ ගරු අමාත්‍යතුමා හා වැඩබලන පොලිස්පතිතුමන් මාතර, අප ස්වාමිදුවගේ දේවස්ථානයේ ආගමික මෙ‍ෙහයක් හා උත්සව අවස්ථාවක් සඳහා ද සහභාගී වූහ.