පොලිස් නාවික කොට්ඨාසයට අධිවේගී යාත්‍රාවක්

ජපන් රජය විසින් ගුවන් තොටුපල හා ගුවන්සේවා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කරන ලද මිලියන විසි තුනක වටිනාකමකින් යුත් අධිවේගී YAMAHA වර්ගයේ YER-24EX දරණ යාත්‍රාව එම සමාගම විසින් කටුනායක ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් පරිශ්‍රයේදී අද දින (12) උත්සවාකාරයෙන් ශ්‍රී ලංකා පොලිස් නාවික කොට්ඨාසය වෙත පරිත්‍යාග කෙරුණි.

වරාය හා සිවිල් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන් චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ගුවන්තොටුපල හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ චන්ද්‍රසිරි, නියෝජ්‍ය පොලිස්පති සංචාරක හා නාවික කොට්ඨාස දිසාව භාර සුජිත් වෙදමුල්ල, නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන ඇතුලු මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.

ජලාශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝදී මත්ද්‍රව්‍ය හා අපරාධ වැටලීමට යොදා ගැනීමට අපේක්ෂා කෙරෙන, නිළධාරීන් 8 දෙනෙකුට එකවර ගමන්කල හැකි මෙම යාත්‍රාව දිග අඩි 24ක් සහ පළල අඩි 8 කින් සමන්විත වේ.