අන්තර් රථ වාහන කොට්ඨාස ක්‍රිකට් තරගාවලියේ ජය කුරුඳුවත්ත පොලිස් කණ්ඩායමට

කොළඹ රථ වාහන හැසිරවීමේ නිරත නිලධරයන්ගේ සුහඳතාවය වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ රථ වාහන කොට්ඨාසය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් රථ වාහන කොට්ඨාස ක්‍රිකට් තරගාවලිය වැඩ බලන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.12.03 වන දින දවස පුරා කොළඹ 07, එන්.සී.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි.

මෙම තරගාවලිය සඳහා කොළඹ දිසාවේ රථ වාහන අංශ නියෝජනය කරමින් කණ්ඩායම් 26 ක් සහභාගී වූ අතර එහි අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ කොළඹ දිසාවේ රථ වාහන භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යායල සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ කණ්ඩායමයි.

අවසන් තරගයෙන් විශිෂ්ට ක්‍රීඩා කුසලතාවයන් පෙන්නුම් කළ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ කණ්ඩායම 2023 අන්තර් රථ වාහන කොට්ඨාස ක්‍රිකට් තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් විය.