ආරක්ෂක අංශ සහභාගී වූ ජනමාධ්‍ය පුහුණු පාඨමාලාව

ගුණාත්මක වෘත්තීය ජනමාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු-ජනමාධ්‍ය පර්යේෂණ අංශය මගින් පැවැත්වූ 2023-ජනමාධ්‍ය පුහුණු සිව්දින පාඨමාලාව 2023.11.23,24,27,28 යන දිනයන්වලදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ප්‍රධාන දේශන ශාලාවේදී පැවැත්වීය.

පාඨමාලාව සඳහා ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය අංශයන් හී සේවයේ නියුතු නිලධාරීන්ගේ සහභාගීත්වය හිමිවූ වූ අතර එහිදී නියමානුකූලව මාධ්‍ය හැසිරවීමේ නිපුණත්වය පාඨමාලාලාභීන් වෙත දේශන මගින් ලබා දීම සඳහා විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සැපැමිණි දිවයිනේ ප්‍රවීන වියතුන් කටයුතු කළහ.

පාඨමාලාව අවසන් වූ 2023.11.28 වන දින ගරු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් පාඨමාලාව සාර්ථකව නිමා කල නිලධාරීන් වෙත රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්තුමාගේ අත්සනින් යුත් වටිනා සහතිකපතක් හිමිවූ අතර එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ඊ. එම්. එස්. බී ජයසුන්දර මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් යූ . පී. එල් . ඩී පතිරණ මහත්මිය, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී අබේකෝන් මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.