අන්තර් රථවාහන කොට්ඨාස ක්‍රිකට් තරගාවලිය වැඩ බලන පොලිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ රථ වාහන හැසිරවීමේ නිරත නිලධරයන්ගේ සුහඳතාවය වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ රථ වාහන කොට්ඨාසය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් රථ වාහන කොට්ඨාස ක්‍රිකට් තරගාවලිය අද (03) දින කොළඹ 07, එන්.සී.සී. ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී වන ලදී.


මෙම තරගාවලිය සඳහා කොළඹ දිසාවේ රථ වාහන අංශ නියෝජනය කරමින් කණ්ඩායම් 26 ක් සහභාගී වන අතර ආරම්භක අවස්ථාවට මොටර් ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත වීරසිංහ, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, කොළඹ දිසාවේ රථ වාහන භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ, කොළඹ රථ වාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර, යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී විය.


ක්‍රිකට් තරගාවලිය ආරම්භයේ දී වැඩ බලන පොලිස්පතිතුමා විසින් යතුරුපැදියක් සොරකම් කර පලාගිය සැකකරුවන් දෙදෙ‍නෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ වැල්ලවත්ත රථ වාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පො.සැ 49665 රසික සහ පො.කො 10386 සේනානායක යන නිලධාරීන් හට ඔවුන් සිදුකළ විශිෂ්ඨ සේවය අගයමින් තිළිණ ප්‍රදානයක් ද කිරීම සිදු කලේය.