වැඩ බලන පොලිස්පතිතුමන් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (2023.12.02) දින දඹුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර,
පසුව අනුරාධපුර රුවන්වැලි මහාසෑයේදී කප්රුක් පූජාවක් සිදුකර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්, රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති ඊතල වැටුනුවැවේ ඥාණතිලක හිමියන් සහ මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වලවා හැංගුන වැවේ ධම්ම රතන හිමියන් මුණගැසී ආශිර්වාද ලබාගන්නා ලදී.