වැඩ බලන පොලිස්පතිතුමන් සිය ප්‍රථම කොට්ඨාස භාර නිලධාරියාගේ පවුලේ ඥාතීන් මුණගැසෙයි.

වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2023.12.02 වන අද දින මහනුවර දළදා වහන්සේ වැඳපුදාගැනීමෙන් අනතුරුව එතුමාගේ රාජකාරී ජීවිතයේ ප්‍රථම කොට්ඨාස භාර නිලධාරියා වූ නැසී ගිය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අශෝක රත්නවීර මැතිතුමාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් මුණ ගැසුණි.


එතුමා, ඔවුන් හමුවී අප අතරින් වෙන්ව ගිය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට කෘතවේදීත්වය පිරිනැමීමට කටයුතු කරන ලද අතර පවුලේ ඥාතීන් සමඟ සුහද කතාබහකද නිරත විය