වැඩබලන පොලිස්පතිතුමා ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනී.

වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය රාජකාරියේ වගකීම් භාරගැනීමෙන් පසුව 2023.12.02 වන අද දින මහනුවර වෙත ගොස් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.
ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් ඇතුළු අනුනායක ස්වාමීන් වහන්සේලා බැහැදැක අස්ගිරි පිරිවෙන වෙතද ගොස් ආශිර්වාද ලබා ගන්නා ලදී.


පසුව එතුමා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමු වී සුහද පිළිසදරකද නිරත විය.