නුගේගොඩ දුම්රිය හරස් මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා තබයි

මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ නගරය හරහා ගමන් කරන කැලණි වැලි දුම්රිය මාර්ගයේ ස්ටැන්ලි තිලකරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම කොටසක් තාවකාලිකව 2023.12.02 වන දින උදෑසන 8.00 සිට 2023.12.03 වන දින උදෑසන 6.00 දක්වා වසා තැබේ.

එම මාර්ගය භාවිතා කිරිමට අපේක්ෂිත මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් පහත විකල්ප මාර්ග භාවිතා කිරිමට කටයුතු සිදු කරන්න.

විකල්ප මාර්ග

 නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය හන්දියේ සිට කොළඹට ඇතුළු වන සියළුම වාහන නාවල මාර්ගය ඔස්සේ නාවල, නාරාහේන්පිට හංදිය ඔස්සේ කොළඹ දක්වා ගමන් කල හැක.

 නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය හන්දියේ සිට කිරුළපන, දෙහිවල, කළුබෝවිල සහ කොහුවල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන සියල්ලම නුගේගොඩ පොලිස් මුරපොල අසලින් ඇති පූර්වාරාම මාර්ගය ඔස්සේ කිරුළපන සිබල් හංදිය දෙසට ගමන් කර හයිලෙවල් මාර්ගයට පිවිස ගමන් කල හැක.

 හයිලෙවල් මාර්ගයේ සිට නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය හන්දිය දෙසට ඇතුළු වන සියළුම සැහැල්ලු වාහන නුගේගොඩ දුම්රිය ස්ථානය අසලින් දකුණු දෙසට ජනතා පොළ මාර්ගයෙන් පරණ කැස්බෑව මාර්ගයට පැමිණ වමට හැරී නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය හන්දිය දෙසට ගමන් කළ හැක.

 හයිලෙවල් මාර්ගයෙන් නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය හන්දිය දෙසට ගමන් කරන සියළුම බර වාහන හයිලෙවල් මාර්ගයෙන් ගම් සභා හංදියට පැමිණ වමට හැරී කට්ටිය හංදියට ගමන් කර වමට හැරී පරණ කැස්බෑව මාර්ගය ඔස්සේ නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය හන්දිය දෙසට ගමන් කල හැක.

 නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කරනු ලබන බස් රථ ඇතුළු සියළුම බර වාහන පරණ කැස්බෑව මාර්ගයේ කට්ටිය හංදියට ගමන් කර දකුණට හැරී ගම්සභා හංදියෙන් හයිලෙවල් මාර්ගයට ගමන් කල හැක.