සංවර්ධන කටයුතු හේතුවෙන් නව කැළණි පාලම වසා ඇත

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ නව කැලණි පාලමේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම වසා තැබීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇත.

නව කැලණි පාලම වසා තබන අවස්ථාවන්හිදී එම පාලම විවෘත කිරීමට පෙර රථවාහන ගමන් කළ ආකාරයට කටුනායක – කොළඹ අධීවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමට හැකියාව ඇත.

මේ සම්බන්ධයෙන් මහජනතාව සහ රියදුරන්ගේ අවදානයේ කටයුතු කරන්න.

මාර්ගය වසා තබන දිනයන් හා වේලාවන්

• 2023.12.01 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023.12.04 සදුදා දින උදෑසන 6.00 දක්වා
• 2023.12.08 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023.12.11 සදුදා දින උදෑසන 6.00 දක්වා
• 2023.12.15 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023.12.18 සදුදා දින උදෑසන 6.00 දක්වා