උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ “ටයිනි ටොට්ස්” පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, මරදාන හා කිව් පාර යන ස්ථානයන්හි ස්ථාපිත පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් පාලනය වන “ ටයිනි ටොට්ස් ” පෙර පාසල් තුනෙහි වාර්ෂික විවිධ ප්‍රසංගය 2023.12.01 වන දින කොළඹ 07 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

පොලිස් නිලධරයන්ගේ දරු දැරියන් ඉදිරිපත් කළ විවිධ වූ දක්ෂතා ඇගයීම සඳහා එම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී වූ අතර,
පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, පොලිස් සුභසාදක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ පද්මිණි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් රැසකගේ ද පොලිස් පවුල් සංගමයේ හිටපු සභාපතිතුමියන් වන වසන්තාද සිල්වා, නන්දනී ප්‍රණාන්දු යන මහත්මීන්ද සහභාගී විය.