පොලිස් නිලධාරීන් 40ක් ජීවිතාරක්ෂක අතර මැදි පුහුණුව ලබා විසිර යයි.

පොලිස් නාවික කොට්ඨාසය මගින් ආරම්භකර පවත්වන ලද පොලිස් ජීවිතාරක්ෂක අතර මැදි පාඨමාලාව සම්පූර්ණ කල පොලිස් නිලධාරීන් 40 දෙනෙකු හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.01 වන දින නාරාහේන්පිට පොලිස් ජලක්‍රීඩා සංකීරණයේදී පැවැත්වුණ අතර, එම අවස්ථාව සඳහා සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාද සහභාගි විය.

2023.10.02 දින ආරම්භ වූ පොලිස් ජීවිතාරක්ෂක අතරමැදි පාඨමාලාව 2023.12.01 දින දක්වා මාස දෙකක කාලයක් පැවැත්විණි. ඒ සඳහා උප පොලිස් පරීක්ෂකවරුන් 02ක්, පොලිස් සැරයන් 04ක්, පොලිස් කොස්තාපල් 32ක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක් සහභාගි වූ අතර පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් අතරින් සුවිශේෂී කුසලතාවයක් දැක්වූ උප පොලිස් පරීක්ෂක ඩබ්.බී.ආර්.කේ.එම් රාජකරුණා නිලධාරියා විසින් දක්ෂතම නිලධාරියාට හිමි කුසලානය සහ සහතික පත්‍රය හිමි කර ගන්නා ලදී.

තවද මෙම උත්සව අවස්ථාව සඳහා සංචාරක හා නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධීකාරී කමල් ගුණවර්ධන, නාවික කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මල්ලිකාආරච්චි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වෙමින් පුහුණුව ලැබූ ජීවිතාරක්ෂක ක්ෂේත්‍රයෙන් ඉදිරි රාජකාරි කටයුතු සාර්ථකව සිදු කිරීමට සුභාසිංශන එක්කරන ලදී.