රාජකාරිය අතුරතුර දිවි අහිමි වූ නිලධාරියා පොලිස් සැරයන් තනතුරට

2023.11.23 වන දින උදෑසන ජා ඇල පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානම් කළ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී ජා ඇල පොලිසිය අසලින් ගලා බසින ඇළට පැන පලායාමට උත්සාහ කළේය.
එම අවස්ථාවේදී ඇළට බැස සැකකරු නැවත පොලිස් භාරයට ගැනීමට උත්සාහ කල ජා ඇළ පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල් 99033 ක්‍රිෂ්ණමූර්ති පිරදාපන් නිලධාරියා සැඩපහරට හසුව දියේ ගිලී අතුරුදහන් වූ අතර, නිලධාරියා සොයා මෙහෙයුම් දියත් කළ කණ්ඩායම් 2023.11.25 දින සවස් කාලයේදී නිලධාරියාග් මෘත දේහය මීගමුව කලපුව ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී.

පොලිස්පතිතුමා විසින් මෙසේ නොබියව පොලිස් රාජකාරිය ඉටුකිරීමට කටයුතු කර අනතුරට පත්ව දිවි අහිමි වූ චාවකච්චේරි ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 26 ක් වූ මෙම නිලධාරියා 2023.11.23 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොස්තාපල් තනතුරෙහි ස්ථීරකොට පොලිස් සැරයන් තනතුරට උසස් කෙරුණි.