2023 ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේදී පොලිසිය දිනූ පදක්කම්..

ශ්‍රී ලංකා බොක්ෂිං සංගමය මගින් කොළඹ රාජකීය විද්‍යාලීය මාස් එරීනා බොක්ෂිං කවයේදී පැවැත්වූ “2023 ක්ලිෆර්ඩ් කුසලාන” බොක්ෂිං තරඟාවලියට සහභාගී වූ පොලිස් ක්‍රීඩකයින් රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනාගැනීමට සමත්විය.

2023.11.13 හා 2023.11.17 යන දෙදින පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා බොක්ෂිං ක්‍රීඩා සමාජ 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 169 දෙනෙකු පමණ සහභාගී වූ අතර ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී විය.

රන් පදක්කම් 02
• පො.කො 97705 ගයාන් රත්නසිරි
• කා.පො.කො 12566 පී.ඩී.අයි.සෙව්වන්දී

රිදී පදක්කම් 03

• පො.කො 100475 එච්.පී.එම් හඳුවල
• කා.පො.කො 13077 ආර්.පී.ඩී රාජපක්ෂ
• කොන්ත්‍රාත් ක්‍රීඩිකා පී.එම් විදානගමගේ

ලෝකඩ පදක්කම් 05

• පො.කො 90870 ආර්.පචේන්ද්‍රන්
• කා.පො.කො 12652 බී.එම්.එම්.ඒ ගුණතිලක
• කා.පො.කො 12988 ජී.ඩබ්.ජී.සී තාරුකා
• කා.පො.කො 12995 ඒ.එම්.ඩී.කේ අත්තනායක
•කොන්ත්‍රාත් ක්‍රීඩික ආර්.ර්.ඩී මධුෂංක