දේපල සොරකම් රැසක නිරත පරිගණක ඉන්ජිනේරුවරයා

කොළඹ අවට පොලිස් ස්ථාන වෙත දේපල සොරකම් කිරීම් සම්බන්ධව වාර්ථා වී තිබූ පැමිණිලි රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2023.11.19 වන දින උදෑසන වත්තල පොලිස් වසමේ ගාමිණි ගුණසේකර මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මාළිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු 05ක් ද නිකුත් කර තිබී ඇති බවට අනාවරණය වූ මෙම සැකකරු වයස අවුරුදු 27 ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාවක නියුතු අයෙකු වේ.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී සොරාගන්නා ලද කාර් රථ 03ක්, යතුරුපැදි 05ක්, රන් භාණ්ඩ, පරිගණක උපාංග ඇතුළු තවත් භාණ්ඩ රැසක් සහ නිමි ඇදුම් තොගයක් සොයාගෙන පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇති අතර සැකකරු සම්බන්ධ තවත් අපරාධ සහ අපරාධකරුවන් අනාවරණය කරගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.