අනීතිකව ගෙන්වූ දුම්වැටි විශාල තොගයක්

සැකසහිත කන්ටේනර් රථයක් පිළිබඳව ලද තොරතුරක් මත 2023.11.16 වන දින එම කන්ටේනර් රථය නවතා පරීක්ෂා කල පොලිස්වි ශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් අඩි 40 ක් දිග එම කන්ටේනර් බහාළුම තුල තිබූ තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද එක් කෝටි හැටදාහසකට ආසන්න දුම්වැටි තොගයක් සමඟ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම කැළණිතිස්ස විදුලිබලාගාරය ඉදිරිපිට මාර්ගයේදී සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් වයස අවුරුදු 65 ක් වන මාකොළ ප්‍රදේශයේ පදිංචි සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසියට භාරදී ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.