ව්‍යාජ ඔප්පුවකින් මිලියන 136 ක් ඉපැයූ සැකකරු අධිකරණයට.

බොරැල්ල පොලිස් වසමේ කොටා පාරේ පිහිටි පර්චස් 87.5 ක ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් මිලියන 136 කට එම ඉඩම අලෙවි කරමින් මුදල් වංචාවක් සිදුකල සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් 2023.11.10 වන දින උදෑසන රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 55 ක්වූ රාජගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන සැකකරු 2023.11.10 වන දින අලුත්කඩේ අංක 02 ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදා හැර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.