සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට

ලද තොරතුරකට අනුව 2023.11.06 වන දින ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්යය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් මීගමුව පොලිස් වසමේ කුඩාපාඩුව ප්‍රදේශයේ නිවසක් වටලා එම නිවසේ සඟවා තිබූ ටී 56 ගිණි අවියක් සහ එම පතරොම් ගැබ් 03ක්, ටී 56 පතරොම් 87 ක්, මිලි මීටර් 8 පිස්තෝලයක් හා එම මැගසින් 1ක්, බෝර 12 ගිණි අවි සඳහා භාවිතා කරන පතරොම් 15 ක්, ව්‍යාජ අංක තහඩු 02 ක් හා යතුරු පැදියක් සමඟ වයස අවුරුදු 25 ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන අපරාධකරුවෙකුගේ සමීපතම ගෝලයෙකු බව හෙළි වී ඇති අතර අත්අඩංගුවට පත් ටී 56 ගිනි අවිය 2022.10.06 වන දින මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකදී පියෙකු සමඟ පුතුන් දෙදෙනනා වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය ලෙස හදුනාගෙන ඇත.

තවත් එවැනි අපරාධයක් සිදුකිරීම සඳහා මෙම ගිනි අවි දකුණු පළාතේ සිට වෑන් රථයකින් මෙම ප්‍රදේශයට ගෙනවිත් ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා මීගමුව පොලිස් ස්ථානය මගින්‍ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.