නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ක්‍රියාත්මක වන
බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන

බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන 2023.11.01 වන දින සිට 2023.11.14 වන දින දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරයේ පහත දක්වා ඇති මාර්ගයන්හි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ, පුද්ගලික බස් රථ, පාසැල් වෑන්/බස් රථ, කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරනු ලබන බස් රථ/වෑන් රථ පමණක් මෙම බස් රථ සදහා වෙන් කළ මංතීරුවේ ධාවනය කල හැකි වන අතර, වෙනත් වාහන පහත දක්වා ඇති කාල සීමාව වෙන් කළ තුළ බස් රථ මංතීරුවට ඇතුල් නොකළ යුතුය.

මෙම නියමු ව්‍යාපෘතිය,

පෙරවරු 0600 සිට පෙරවරු 0900 දක්වා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර, පිටකොටුව දක්වා ඇතුල්වීමටත්,

මරදාන පාර, බොරැල්ල හන්දියේ සිට පිටකොටුව, ඕල්කට් මාවතට ඇතුල්වීමට පෙරවරු 0600 සිට පෙරවරු 0900 දක්වාත්, පිටවීමට පස්වරු 0400 සිට පස්වරු 0700 දක්වාත්,

මෙම සැලසුම ක්‍රියාත්මකයි.