ටී 56 උණ්ඩ 57 ක් සමඟ වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

කඳාන පොලිස් වසමේ පියෝ මාවතේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් බලෙන් ලබාගැනීමට ක්‍රියා කර, 2023.08.04 වන දින එම ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කිරිවත්තුඩුව, දොම්පේ හා උඩුගම්පොල යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 32,42,31 වන සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් 202.10.30 වන දින අත්අඩංගුවට ගෙන තිබේ

එහිදී එම සැකකරුවෙකු පදිංචි නිවසක් පිටුපස සඟවා තිබී ටී.56 සජීව පතරොම් 57 ක් හමුවී ඇති අතර ජංගම දුරකථනයක්, වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.