ශ්‍රී ලංකා පොලිසියේ අනුග්‍රහයෙන් ආදි වාසීන්ට යාපනේ සංචාරයක්.

2023.10.21 වන දින පොලිස්පති, සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ආරාධනයෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදිවාසීන් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් මහතා විසින් එම පිරිස හරසරින් පිළිගෙන ඔවුන්ට ගෞරවාන්විතව අවශ්‍ය සුභාසාධන පහසුකම් ලබාදී අවශ්‍ය කටයුතු ඉටුකරන දෙන ලදී. සංචාරයේදී ආදිවාසීන් නිලාවරෙයි ළිද නරඹා කීරිමලේ පොන්නාලෛයි පොකුණෙන් ස්නානය කර කන්කසන්තුරය මාවඩිපුරම් කෝවිලේ විශේෂ පූජාවක් සඳහා සහභාගී විය. අනතුරුව කෝපායි ප්‍රදේශයේ රාත්‍රී නවාතැන් ගෙන කෝපායි පොලිස් ස්ථානය මගින් ඔවුන් හා එකතුව සංගීත සැදෑවක් පවත්වා එහි ආශ්වාදය ලබාගැනීමට අවස්ථාව සළසා දෙන ලදී.

පසු දින ඔවුන් නයිනතිව් දූපතේ පිහිටි නාගදීප විහාරස්ථානයට හා නාගපූෂනී අම්මන් කෝවිල නැරඹීමට ගොස් නැවත යාපනය පුස්තකාලය හා යාපනය කොටුව සංචාරය කිරීමෙන් පසු පොලිස්පතිතුමා ඇතුලු සියලු නිලධාරීන්ට ස්තූතිය පළකර ඉතා සතුටින් ගම්බිම් බලා පිටව ගියහ.