අලෙවියට සූදානම් කළ අධික වටිනාකමකින් යුත් ගජමුතු

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් 2023.10.22 වන දින අවිස්සාවේල්ල පොලිස් වසමේ පුවක්පිටිය ප්‍රදේශයේ වැටලීමක් සිදුකර අධික මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ ගණයේ ගජමුතු 02ක් ඇතුලු ගජමුතු 06 ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන උක්වත්ත, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම ගජමුතු අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයෙන් ලැබුනු බවට අනාවරණය වූ තොරතුරු මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

වටිනා දළ ඇතුන් ඝාතනය කරමින් ගජමුතු ලබාගන්නා පුද්ගලයින් හා අලෙවි කිරීමට උත්සහ කරන මෙවැනි පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන ඉදිරියටත් අඛන්ඩව සිදු කෙරෙනු ඇත.