නීති විරෝධීව ප්‍රවාහනය කළ වල්ලපට්ට තොගයක් අත්අඩංගුවට

කෝටි 50කට අධික වටිනාකමක් ඇතැයි සැකකරන වල්ලපට්ට කිලෝ 50 කට ආසන්න ප්‍රමාණයක්, බලපත්‍ර නොමැතිව සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 63 ක සැකකරුවෙකු ඊයේ දින (01) උදෑසන පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකක පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.
මෙම සාර්ථක වැටලීම කළුතර උතුර පොලිස් වසමේ, ගාලු පාර කැලිඩෝ වෙරළට හැරෙන හන්දිය අසලදී සිදුකර නඩු භාණ්ඩ සමඟ සැකකරු කළුතර ‍උතුර පොලිස් ස්ථානය වෙත ඉදිරි විමර්ශන සඳහා භාර දීමට කටයුතු කර ඇත.

විශ්‍රාමික රාජ්‍ය බැංකු කළමනාකරුවෙකු වන අත්අඩංගුවට ගත් සැකකරු, ආරක්ෂක අංශ නොමඟ යවන ආකාරයෙන් සැරසී මෙම ජාවාරමෙහි නිරතවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.