සමස්ත ලංකා වූෂු තරඟ බිමෙන් පොලිසියට පදක්කම් 06 ක්

2023 සමස්ත ලංකා වූෂු තරඟාවලිය සඳහා තරඟ වැදුණු පොලිස් වූෂු කණ්ඩායමේ ක්‍රීඩකයින් රන් පදක්කම් 04ක් සමඟ රිදී පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත්විය.

තරඟාවලිය 2023 සැප්තැම්බර් මස 16,17,18 යන තෙදින තුළ නිට්ටඹුව සමූපකාර ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර පොලිස් කණ්ඩායම ද ඇතුළුව දිවයින පුරා විසිරී තිබෙන වූෂු ක්‍රීඩා සමාජ 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 දෙනෙකු ජය සොයා වූෂු තරඟ බිමට අවතීරණ විය.

එහිදී එම තරඟකරුවන් සමඟ ආකර්ශනීය තරඟ රටාවක නියැලුනු,

පො.කො 28000 එම්.විජේකාන්ත (කිලෝග්‍රෑම් 75 බර පන්තිය‍) , පො.කො 2584 එන්.ඩී.පී.ටී වඩුගේ ( කිලෝග්‍රෑම් 56 බර පන්තිය‍), පො.කො 96623 ඒ.ආර්.එම් සීයාන් (කිලොග්‍රෑම් 80 බර පන්තිය), පො.කො 101762 ජී.ජී.කේ.දේෂන් (කිලෝග්‍රෑම් 90 බර පන්තිය) යන නිලධාරීන් රන් පද්කකම් ද,

පො.කො 88998 ආර්. කුමරන් (කිලෝග්‍රෑම් 90 බර පන්තිය‍), පො.කො 28881 වි.ඩි.ඒ.එස් තුසිත (කිලෝග්‍රෑම් 65 බර පන්තිය‍) යන නිලධාරීන් රීදී පදක්කම් ද, දිනාගමින් ශ්‍රී ලංකා පොලිසියට කීර්තියක් අත්කර දීමට සමත් විය.