කතුන් රවටා මුදල් ගැරූ ව්‍යාජ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට.

පොලිස් හැදුනුම්පතට සමාන හැදුනුම්පතක් පෙන්වා කාන්තාවන් රවටා මුදල් සහ රන් භාණ්ඩ ඇතුළු දේපල සොරකම් කල වයස අවුරුදු 55 ක් වන මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වාද්දූව පොලිස් නිලධාරීන් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.

රැවටීමට ලක් වී මුදල් අහිමිකරගත් කාන්තාවන් දෙදෙනෙකු සිදුකළ පැමිණිලි අනුව විමර්ශන ආරම්භ කර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කොළඹ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර ද සිල්වා ලෙස තමා හදුන්වා දෙමින් මොරොන්තුඩුව, බණ්ඩාරගම, හොරණ, පානදුර අවට ප්රදේශ තුළ රැකියාවන් හි නිරත කාන්තාවන් සමග මිතුරු වී මෙම වංචාවන් සිදු කර ඇති බවට විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත.

මොහු යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා ඇති පුද්ගලයෙකු වේ.