පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් අපරාධ සිදුකරන්නන් පිළිබද පැමිණිලි.

පොලිස් නිලධාරීන් ලෙස සිවිල් ඇඳුමින් ව්‍යාජ ලෙස පෙනී සිට ගමන්මළු, වාහන, නිවාස, යතුරු පැදි ආදිය පරීක්ෂා කිරීම සදහා අවශ්‍ය බව පවසමින් සිදුකරන ලද දේපල කොල්ලකෑම් සම්බන්ධ පැමිණිලි ගණනාවක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයන්හි නිලධාරීන් හැර අනෙකුත් පොලිස් ස්ථානයන්හි නිලධාරීන් විසින් සිවිල් ඇඳුමින් සිදු කරන වැටලීමකදී එම කණ්ඩායමේ නිලධාරියෙකු හෝ කිහිප දෙනෙකු නිල ඇදුමින් සිටීමට කටයුතු කරනු ඇත.

එසේ සිවිල් ඇඳුම්න් ඔබව පරීක්ෂා කරන යම් අවස්ථාවක එම නිලධරයන් විසින් ඔවුන්ට හිමි නිල රාජකාරී හැදුනුම්පත ඔබ වෙත පෙන්වනු ඇත. එසේ නොකරන අවස්ථාවක නිල හැදුනුම්පත ඔබ වෙත ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටීමට ඔබට හැකියාව ඇත.

අනන්‍යතාවය තහවුරු නොකර යම් පිරිසක් හෝ පුද්ගලයින් පිරිසක් සැකකටයුතු ආකරයෙන් ඔබව හා ඔබගේ දේපල පරීක්ෂා කිරීමකදී ඒ පිළිබඳ ආසන්නතම පොලිස් ස්ථානය වෙත නොපමාව දැනුම් දීමට කටයුතු කරන්න.