වැල්ලවත්තේ ගෙවල් කැඩූ සැකකරුවන් අත්අඩංගුවට

වැල්ලවත්ත පොලිස් වසමේ කල්‍යානි පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 430 ක් සන්තකයේ තබාගෙන සිටියදී වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගත් වයස අවුරුදු 30 ක්වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව වැල්ලවත්ත, දෙහිවල හා එඩේරමුල්ල පොලිස් වසම්වල නිවෙස් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ 05කට අවශ්‍ය කර සිටි වයස අවුරුදු 31, 34 හා 65 ක් වන සැකකරුවන් තිදෙනෙකු හා වයස අවුරුදු 27 හා 32 වන සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද රූපවාහනි යන්ත්‍ර 04 ක්, හෝම්තියේටර් 03 ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණක 03ක්, ප්‍රොජෙක්ටරයක්, ස්කෑනරයක්, ප්‍රින්ටරයක්, අයි පෑඩ් 01ක්, බෝයා වර්ගයේ මයික් 01ක්, විදුලි පංකාවක් ඇතුලු උපකරණ සහ විවිධ බරැති රන් කැබලි 05ක් පොලිස් භාරයට ගෙන ඇත.