ආරක්ෂක අංශ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා පොලිසියෙන්.

දිවයිනේ සතර දිගින් පැමිණි කණ්ඩායම් 26 ක් තරඟවැදුනු 2023-TAAJA විවෘත කඹ ඇදීමේ තරඟාවලිය සඳහා ආරක්ෂක අංශ කාණ්ඩය යටතේ තරඟවැදුනු පොලිස් කඹ ඇදීමේ කණ්ඩායම එම කාණ්ඩයේ අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.
එහිදී පොලිස් කණ්ඩායමේ පො.කො 11340 බී.එච්.එන් .ජේ.සි.බුවනායක ක්‍රීඩකයා ආරක්ෂක අංශ කාණ්ඩයේ දක්ෂතම කඹ ඇදීමේ ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමද කැපී පෙනුණි.

තලංගම Iron Arms ක්‍රීඩා සමාජය හා Colombo Gaints ක්‍රීඩා සමාජය එක්ව පැලවත්ත ජී.එච්.බුද්ධදාස ක්‍රීඩා පිටියේදී සංවිධානය කර තිබූ මෙම තරඟාවලිය 2023.09.09 වන දින උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා දිවා රාත්‍රී තරගාවලියක් ලෙස කාණ්ඩ 06ක් යටතේ පැවැත්වුණි.