ශූරතා ද්විත්වයක් දිනූ උප පොලිස් පරීක්ෂක.

උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය මගින් 07 වන වරට සංවිධානය කල සමස්ථ ලංකා ශ්‍රේණිගත කිරීම් අංක 01 බැඩ්මින්ටන් තරගාවලිය 2023.08.28 දින සිට 2023.09.03 දින දක්වා අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි. පොලිස් බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියේ යුගල හා මිශ්‍ර යුගල තරඟ ඉසව් 02 කට සහභාගී වූ උ.පො.ප කේ.එම් දුලංජන නිලධාරියා එම ඉසව් දෙකෙහිම ශූරතාවය දිනාගැනීමට සමත් විය.

විවෘත, කේවල/යුගල, මිශ්‍ර යුගල හා වයස් කාණ්ඩ යන ඉසව් ඔස්සේ තරග පැවැත්වුනු මෙම තරඟාවලිය සදහා දිවයින පුරා විසිරී තිබෙන ක්‍රීඩා සංගම් 60ක ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 750 ක් පමණ සහභාගී වී තිබේ.