සුළු අවියෙන් වෙඩි තබා තෙවන ස්ථානය දිනූ පොලිස් පරීක්ෂක.

ජාතික වෙඩි තැබීම් සංගමය මගින් කොහුවල ජාතික වෙඩිතැබීම් සංගම් වෙඩිතලාවේදී සංවිධානය කරනු ලැබූ NSSF විවෘත වායු අවි ශූරතා තරගාවලියකදී මීටර් 10 වායු අවි පිස්තෝල විවෘත-පිරිමි අංශයේ (කේවල) තරග ඉසව්වට ක්‍රීඩා කළ පොලිස් පරීක්ෂක කේ.ඒ.ටි සම්පත් නිලධාරියා එම ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්විය.

2023.08.28 වන දින සිට 2023.09.01 වන දින දක්වා පැවැත්වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පොලිස් නිළධාරීන් 11 දෙනෙකු ඇතුළුව ත්‍රිවිධ හමුදා හා වෙඩිතැබීමේ ක්‍රීඩා සංගම් 07ක ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් 141 ක් දෙනෙකු ජය සොයා තරඟවැදුනි.