2023 පොලිස් අන්තර් කොට්ඨාස වොලිබොල් තරඟාවලිය දින 05ක් පුරාවට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදනම් කර ඇත.
තරඟාවලියේ සමාරම්භක උළෙල 2023.08.07 වන දින උදෑසන 08.00 ට වෛද්‍ය සේවා, සුභ සාධන හා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ සභාපති ටී.සී හේවා මහතාගේ සහභාගීත්වයද හිමිවී තිබුණි.
පොලිස් කොට්ඨාස 60 කින් පිරිමි කණ්ඩායම් 64 ක් හා කාන්තා කණ්ඩායම් 42 ක් මෙම තරගාවලියේදී එකිනෙක කණ්ඩායම් අතර තරඟ වැදීම සදහා සූදානමින් මෙම අවස්ථාවට පෙනී සිටි අතර පොලිස් වොලිබෝල් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීම මෙවර මෙම තරඟාවලිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් ලෙස හැදින්විය හැකි වේ.
![](http://www.police.lk/wp-content/uploads/2023/08/1.png)
![](http://www.police.lk/wp-content/uploads/2023/08/a.png)
![](http://www.police.lk/wp-content/uploads/2023/08/11.png)
![](http://www.police.lk/wp-content/uploads/2023/08/2-1.png)
![](http://www.police.lk/wp-content/uploads/2023/08/15.png)
![](http://www.police.lk/wp-content/uploads/2023/08/21.png)
![](http://www.police.lk/wp-content/uploads/2023/08/20.png)
![](http://www.police.lk/wp-content/uploads/2023/08/23.png)
![](http://www.police.lk/wp-content/uploads/2023/08/26.png)